Latest Entries »

එදා වැලන්ටයින් දිනයයි. තාමත් පෙම්වතියක් නැති මා හට එය තවත් සාමන්‍ය දිනයක් පමණි. නමුත් සියලු කඩ සාප්පු නම් මේ දිනයට හොඳින් සූදානම්ක් වී ඇති සැටියකි. එදින පෙම්වතුන් පෙම්වතියන් වෙනදාට වඩා මගේ නෙත් ගැටිනි. සමහරක් විට එදින පෙම්වතුන් හට විශේෂ දිනයක් වූ බැවින් මගේ අවධානය වැඩිපුර පෙම් යුවල් වෙත යොමු වූවා විය හැකිය. කෙසේ වුවත් දවසේ වැඩ රාජකාරි හමාර කර නිවස කරා යාමට මම බසයකට ගොඩ වීමි.

එතරම් සෙනඟක් නොසිටි ඒ බස් රථයේ මම තරමක් පිටුපසට වන්නට තිබූ වම්පස අසුනක ජනේලය අසලින් හිඳ ගතිමි. තරමක් ඉදිරියට යනවිට බස් නැවතුමකින් පාසල් වියේයැයි අනුමාන කළ හැකි පෙම් යුවලක් බසයට ගොඩවිය. ඔවුන් දෙදෙනාට එක ළඟ හිඳ ගැනීමට හැකි ස්ථානයක් බසයේ නොවීය. ආසන හිස්ව තිබූයේ තැනින් තැනය. පෙම්වතා තම පෙම්වතියව හසුනකකින් හිඳුවා ඔහු ඇය අසල සිටගෙන සිටින්නට විය. නමුත් වැඩි වේලාවකට නොවේ. පෙම්වතිය හිඳගෙන සිටි ආසයයේ සිටි අනෙක් තරූණිය එතැනින් නැඟිට “ආ මල්ලී මෙතනින් වාඩි වෙන්න” යැයි පවසා ඇයවෙනත් තැනකින් හිඳ ගත්තාය. ලෝකය හරිම සුන්දරයැයි මට මොහොතකට සිතිණි.

බසය ඉදිරියට ඇදෙන්නට වූ අතර තැරමක් සෙනඟ පිරුනි. බසයේ ඉදිරිපස දොර අසල සිටගෙන සිටින මැදිවියේ කාන්තාවකි. ඇඳුම් පැළදුම් තරමක් අපවිත්‍රය. ඇය අසලට ගිය කොන්දොස්තර මහතා කෑ ගසයි. “ඉල්ලනකම්ම ඉන්නවා සල්ලි දෙන්න. සල්ලි ඉල්ලුවට පස්සේ තමයි බෑහ් ඇරලා සල්ලි ගන්න මතක් වෙන්නේ. දැන් කොච්චර වෙලාද බස් එකට නැඟලා” කිසිවක් නොකියා සල්ලි දුන් ඇය කොන්දොස්තර ගියාට පසු අසල සිටි කාන්තාවක් සමඟ කොන්දොස්තරට බණියි. “ස්ල්ලි ටික දෙනකම් ඉවසන් ඉන්න බෑ”. අනෙක් කානතාව එය අසා සිටින්නේ වුවමනාවිකින් නොවේ. සමහරක් විට ඇය සල්ලි නොදී යාමට උත්සාහ කරන්නට ඇත. ඒ රුපියල් නමයත් ඈයට ඉතා වටින නිසා විය හැකිය. පෙම්වතුන්ගේ දිනයේ දාස් ගණන් නාස්තිකරම මගේ යාළුවන්ද ඕනෑ තරම්ය. නමුත් රුපියල් නමයත් බසයට නොදී ඉතිරි කිරීමට වෙර දරන අයත් ඕනෑ තරම්ය.(මට පෙම්වතියක් සිටියානම් මටද සල්ලි නාස්ති කරන්නට සිදිවනු ඇත. “අනේ අද වැලන්ටයින් ඩේ එක දවසේ අපි බොරුවට සල්ලි නාස්ති නොකර නැති බැරි කෙනෙක්ට කෑමටිකක් අරන් දෙමු ඒ සල්ලි වලින්” එසේ කියනා පෙම්වතියක් මට ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. එවන් කෙල්ලන් අද සමාජයේ නැති බව දැන දැනම මම එසේ පතමි.)

අප සමාජය පෙම්වතුන් යුවලකට ආසනය පිරිනැමීමට තරම් සොඳුරු හදවත් ඇති අයගෙන් පිරී යනවා දැකීම සතුටකි. නමුත් ගැටළුවනම් වැලන්ටයින් ඩේ එක නොවී එදින සාමාන්‍ය දිනයක් වූවානම් ඒ තරුණිය තම ආසනය අර පෙම්වතුන්ට පිරිනමයිද යන්නයි. එමෙන්ම පෙම්වතුන්ට ආසන පිරිනමන ඇය වැඩිහිටි අයෙකි දුටුවොතින් ආසනය පිරිනමයිද යන්නයි. තවද එක් දිනයක් වෙනුවෙන් නිකරුනේ දාස් ගණන් වියදම කරන අය අර රුපියල් නමය බසයට නොදී ඉතුරු කරගන්න උතසාහ කරන අය ගැන සිතාවත් ඒ මුදල් වෙන අර්ථවත් වැඩකට යොමුකරනවානම් අගනේය.

ප.ලි….. මෙමඟින් මා කියන්නට උත්සාහකලේ කිසිම සැමරුමක් නොකර සිටින්නට කියා නොවේ. තම පෙම්වතාව පෙම්වතියව සතුටින් තබන්න කළ යුතු දේ බොහෝමයි. ඒ වගේම පෙම්වතාට පෙම්වතියට පුංචි තෑග්ගක් අරන් දෙන එක වගේ දේවල් පෙම්වතුන් අතර සාමාන්‍ය දෙයක්. ඉතින් වැලන්ටයින් ඩේ එක නැති වුනා කියලා ඔය දේවල් කෙරෙන්නේ නැද්ද? ඉතින් මම කියන්න උත්සාහ කළේ මේකයි. අපි දාස් ගණන් වියදම් කරලා පෙම්වතාට පෙම්වතියට තෑගි අරන් දෙනවා ඒ අතරේ බස් එකට නොදී රුපියක් නමයක් ඉතුරු කරගන්න දඟලන මිනිස්සුත් ඉන්නව නේද? පොඩ්ඩක් හිතන්න.

මගේම යාළුවෝ කෙල්ලෙක් දැක්කාම කියනකතා ඇහෙනකොට මගේ හිත රිදෙන වෙලාවල් ඕනෑ තරම්. ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි මම ගැහැණිය කියන කෙනාට ගොඩාක් ගරු කරන නිසා. අපි හැමෝම මේ ලෝකෙට ආවේ ගැහැණියක් නිසා. ඒත් මේ විදිහට හිතන එකම කොල්ලා මමද කියලත් වෙලාවකට හිතෙනවා. මොකද මම ආස්‍රය කරන හැම කොල්ලෙක්ම වගේ කෙල්ලෝ දිහා බලන්නේ මහා අසික්කිත විදිහට.

ලස්සනට ඇද පැළඳගෙන ටිකක් හිරට ඇඳුමක් ඇදගෙන යන කෙල්ලෙක් දැක්කාම අපේ ගොඩාක් කොල්ලෝ ඒ කෙල්ල දිහා බලන්න මසට ගන්න වගේ. කෙල්ල දැක්ක ගමන් ඒකිගේ කන්‍යා පටලේ තියනවද නැද්ද කියලත් තීරණේ කරලා ඉවරයි. එහෙමත් නැත්තම් කොල්ලෙක් එක්ක යන ටිකක් අඟ පසඟ හොඳට තියන කෙල්ලෙක් නම්, ඒ කොල්ලා ඒ කෙල්ලත් එක්ක කරපු දේවල් කරන හැටි ඒ හැම දෙයක්ම කතාවෙලා ඉවරයි. ඇයි ඒ වගේ පහත් විදිහට හිතන්නේ. මට මතකයි මහා රස්තියාදු කාරයෝ වැඩිපුර ඉන්න ඉස්කෝලෙකට යන එකෙක් දවසක් කියනවා “බුරියෙන් පල්ලෙහා නෑදෑකම් යාළු නම් නෑ” කියලා. ඒ වෙලාවෙනම් මම ඌත් එක්ක වාද කරන්න ගියත් මෝඩයෙක් එක්ක කතා කරලා දිනන්න බෑ කියලා තේරුණ මම පැත්තකට වුනා.

මේ වගේ හිතන උන්ට ඇයි තමට අම්මෙක්, අක්කෙක්, නංගියෙක් ඉන්නවා කියලා අමතක වෙන්නේ. මගේම යාළුවො කෙල්ලෝ දැකලා කියන කතා ඇහෙනකොට කරබාගෙන ඉන්නේ උන් හිතන විදිහට නොහිතන එකම එකා මම නිසා. අර මම කිව්ව රස්තියාදු කාරයෝ වැඩිපුර ඉන්න ඉස්කෝල්‍රට යන සෙට් එකක් ඉන්නවා උන් කෙල්ලෝ ගැන කියන කතා ඇහෙනකොට මගේ ඇඟේ මාළු නටනවා.මේ සෙට් එකට මැදිවියේ ඉන්න කාන්තාවක් දැක්කාමත් අමුතු සිතිවිලි පහලවෙන ජාතියේ අමන හැත්තක්.

හැබැයි සමහර කෙල්ලන්ගේ හැසිරීමෙන් සහ ඇඳුම පැළඳුමෙන් ඇය ගණිකාවක් බව නිශ්චිතවම කීමට හැකි විදිහේ කට්ටියත් අපි හැමෝම ඕන තරම් දැකලා තියනවා. මම මේ කතාකරන්නේ පාරේ තොටේදී දකින සාමාන්‍ය කෙල්ලෝ ගැනත් අර කට්ටියගේ තත්වෙටම දාලා කතා කිරීම ගැනයි.

මම මේ කියලා තියන විදිහට හිතන කොල්ලොන්ව මේක කියවන අයත් ඕනතරම් දැකලා ඇති. සමහර විට තමනුත් ඒ විදිහටම හිතනවා ඇති. පොඩ්ඩක් හිතලා බලන්න තම්න්ගේම නංගී ගැන අක්කා ගැන පෙම්වතිය ගැන මේ විදිහට කවුරු හරි හිතනවනම් ඔයාලා කැමතිද? නෑ නේද? පොඩ්ඩක් හිතන්න.

බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙකු මේ දිනවල තමන් බ්ලොග් අවකාශයේ නව මිතුරන් සමඟ එක්වීම සහ තමන්ගේ බ්ලොග් අඩවිය මිතුරන් දැන ගැනීම නිසා අපහසුතාවයට පත්වී සිටිනු මම දුටුවෙමි. ඔව් එය සැබෑවකි. මාගේ මිතුරන්ද දැන් මාගේ බ්ලොග් අඩවිය දනී. එබැවින් මම දකින ඔවුන්ගේ සමහර අඩුපාඩු, නරක පුරුදු පිළිබඳව දැන් මට ඒ බ්ලොග් අඩවියේ ලිවීමට නොහැකිය. ඒ ඔවුන් අමනාප වන නිසාම නොවේ. සමහරක් විට ඔවුන් මා සමඟ අමනාප නොවූවත් සිත් රිදීම් ඇතිවිය හැකි බැවිනි. බ්ලොග් අවකාශයේ මිතුරන් පිළිබඳ වුවද එමමය.

මා බ්ලොග් ලියන්නට පැමිණෙන විට කිසිම බ්ලොග් කරුවෙකු හඳුනන්නේ නැත. කෙමෙන් කෙමෙන් කල් ගතවත්ම මා බ්ලොග් අවකාශයේ තරමක් ජනප්‍රිය වන අතරම එකා දෙන්නා බැඟින් බ්ලොග් කරුවන් හඳුනා ගැන්මට ලැබෙයි. ඒ සඳහා ඉවහල් වූයේ ෆේස් බුකියයි. එතැනින් නොනැවතී සුහද හමු, මිතුරු හමු ආදිය නිසා බ්ලොග් කරුවන් සමඟ සමීප ඇසුරක් ලැබුණි. දැන් මා බ්ලොග් කරුවන්ව පෞද්ගලිකවම හඳුනයි. ඔවුන්ගේ වගතුග දනියි. ඉතින් දැන් මා අලුත් ලිපියක් ලියන විට එය කිසිවෙකුගේ සිත නොරිදෙන පරිදි ලිවිය යුතුය. කමෙන්ටුවක් දමන විට දෙවරක් සිතිය යුතුය. එය නිදහසේ තමන්ගේ අදහස් ලිවීමට බාධාවකි.

ඔව් මා මේ බ්ලොග් එක සෑදුවේ ඒ නිසාය. දැන් මට බ්ලොග් අවකාශයට පැමිණි මුල් කාලයේ මෙන්ම නිදහසේ ලිවිය හැකිය. මක්නිසාදයත් කිසිවෙකු මා කවුදැයි නොදන්නා බැවිනි. ඉතින් ඒ නිදහස මට පමණක් සීමා නොකොට ඔබටත් විඳින්නට ඉඩ සලසන්නට සිතිනි. මිතුරන්ගේ සිත් රිදේයැයි බියෙන් තමන්ගේ බ්ලොග් වල පළ නොකරන ලිපි සහ පළ කර ඉවත් කරන ලිපි ඔබට කැමතිනම් ඔබේ තොරතුරු කිසිවක් සඳහක් නොකර මා වෙත එවන්න.(වෙනත් බ්ලොග් එකෙක් සාදා නඩත්තු කිරීමට කාල වේලා නැත්තම් පමණක්: amuthukathaa@gmail.com) නැත්නම් ඔබ තවත් බලා නොඉද දැන්මම තවත් බ්ලොග් එකක් සාදා නිදහසේ ලියන්න.

දැන් මේ බ්ලොග් එක ලියන්නේ කවුදැයි සෙවීමට උත්සාහ නොකර ලියනදේ කියවා සෑහීමකට පත්වන මෙන් පාඨක ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.