එදා වැලන්ටයින් දිනයයි. තාමත් පෙම්වතියක් නැති මා හට එය තවත් සාමන්‍ය දිනයක් පමණි. නමුත් සියලු කඩ සාප්පු නම් මේ දිනයට හොඳින් සූදානම්ක් වී ඇති සැටියකි. එදින පෙම්වතුන් පෙම්වතියන් වෙනදාට වඩා මගේ නෙත් ගැටිනි. සමහරක් විට එදින පෙම්වතුන් හට විශේෂ දිනයක් වූ බැවින් මගේ අවධානය වැඩිපුර පෙම් යුවල් වෙත යොමු වූවා විය හැකිය. කෙසේ වුවත් දවසේ වැඩ රාජකාරි හමාර කර නිවස කරා යාමට මම බසයකට ගොඩ වීමි.

එතරම් සෙනඟක් නොසිටි ඒ බස් රථයේ මම තරමක් පිටුපසට වන්නට තිබූ වම්පස අසුනක ජනේලය අසලින් හිඳ ගතිමි. තරමක් ඉදිරියට යනවිට බස් නැවතුමකින් පාසල් වියේයැයි අනුමාන කළ හැකි පෙම් යුවලක් බසයට ගොඩවිය. ඔවුන් දෙදෙනාට එක ළඟ හිඳ ගැනීමට හැකි ස්ථානයක් බසයේ නොවීය. ආසන හිස්ව තිබූයේ තැනින් තැනය. පෙම්වතා තම පෙම්වතියව හසුනකකින් හිඳුවා ඔහු ඇය අසල සිටගෙන සිටින්නට විය. නමුත් වැඩි වේලාවකට නොවේ. පෙම්වතිය හිඳගෙන සිටි ආසයයේ සිටි අනෙක් තරූණිය එතැනින් නැඟිට “ආ මල්ලී මෙතනින් වාඩි වෙන්න” යැයි පවසා ඇයවෙනත් තැනකින් හිඳ ගත්තාය. ලෝකය හරිම සුන්දරයැයි මට මොහොතකට සිතිණි.

බසය ඉදිරියට ඇදෙන්නට වූ අතර තැරමක් සෙනඟ පිරුනි. බසයේ ඉදිරිපස දොර අසල සිටගෙන සිටින මැදිවියේ කාන්තාවකි. ඇඳුම් පැළදුම් තරමක් අපවිත්‍රය. ඇය අසලට ගිය කොන්දොස්තර මහතා කෑ ගසයි. “ඉල්ලනකම්ම ඉන්නවා සල්ලි දෙන්න. සල්ලි ඉල්ලුවට පස්සේ තමයි බෑහ් ඇරලා සල්ලි ගන්න මතක් වෙන්නේ. දැන් කොච්චර වෙලාද බස් එකට නැඟලා” කිසිවක් නොකියා සල්ලි දුන් ඇය කොන්දොස්තර ගියාට පසු අසල සිටි කාන්තාවක් සමඟ කොන්දොස්තරට බණියි. “ස්ල්ලි ටික දෙනකම් ඉවසන් ඉන්න බෑ”. අනෙක් කානතාව එය අසා සිටින්නේ වුවමනාවිකින් නොවේ. සමහරක් විට ඇය සල්ලි නොදී යාමට උත්සාහ කරන්නට ඇත. ඒ රුපියල් නමයත් ඈයට ඉතා වටින නිසා විය හැකිය. පෙම්වතුන්ගේ දිනයේ දාස් ගණන් නාස්තිකරම මගේ යාළුවන්ද ඕනෑ තරම්ය. නමුත් රුපියල් නමයත් බසයට නොදී ඉතිරි කිරීමට වෙර දරන අයත් ඕනෑ තරම්ය.(මට පෙම්වතියක් සිටියානම් මටද සල්ලි නාස්ති කරන්නට සිදිවනු ඇත. “අනේ අද වැලන්ටයින් ඩේ එක දවසේ අපි බොරුවට සල්ලි නාස්ති නොකර නැති බැරි කෙනෙක්ට කෑමටිකක් අරන් දෙමු ඒ සල්ලි වලින්” එසේ කියනා පෙම්වතියක් මට ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. එවන් කෙල්ලන් අද සමාජයේ නැති බව දැන දැනම මම එසේ පතමි.)

අප සමාජය පෙම්වතුන් යුවලකට ආසනය පිරිනැමීමට තරම් සොඳුරු හදවත් ඇති අයගෙන් පිරී යනවා දැකීම සතුටකි. නමුත් ගැටළුවනම් වැලන්ටයින් ඩේ එක නොවී එදින සාමාන්‍ය දිනයක් වූවානම් ඒ තරුණිය තම ආසනය අර පෙම්වතුන්ට පිරිනමයිද යන්නයි. එමෙන්ම පෙම්වතුන්ට ආසන පිරිනමන ඇය වැඩිහිටි අයෙකි දුටුවොතින් ආසනය පිරිනමයිද යන්නයි. තවද එක් දිනයක් වෙනුවෙන් නිකරුනේ දාස් ගණන් වියදම කරන අය අර රුපියල් නමය බසයට නොදී ඉතුරු කරගන්න උතසාහ කරන අය ගැන සිතාවත් ඒ මුදල් වෙන අර්ථවත් වැඩකට යොමුකරනවානම් අගනේය.

ප.ලි….. මෙමඟින් මා කියන්නට උත්සාහකලේ කිසිම සැමරුමක් නොකර සිටින්නට කියා නොවේ. තම පෙම්වතාව පෙම්වතියව සතුටින් තබන්න කළ යුතු දේ බොහෝමයි. ඒ වගේම පෙම්වතාට පෙම්වතියට පුංචි තෑග්ගක් අරන් දෙන එක වගේ දේවල් පෙම්වතුන් අතර සාමාන්‍ය දෙයක්. ඉතින් වැලන්ටයින් ඩේ එක නැති වුනා කියලා ඔය දේවල් කෙරෙන්නේ නැද්ද? ඉතින් මම කියන්න උත්සාහ කළේ මේකයි. අපි දාස් ගණන් වියදම් කරලා පෙම්වතාට පෙම්වතියට තෑගි අරන් දෙනවා ඒ අතරේ බස් එකට නොදී රුපියක් නමයක් ඉතුරු කරගන්න දඟලන මිනිස්සුත් ඉන්නව නේද? පොඩ්ඩක් හිතන්න.

Advertisements